Saturday, June 1, 2019

මට මහා තනිකමක් දැනුනා



ජීවිතේ පැද යද්දි ඔරුවක
හඳක් පායා ඇවිත් තිබුනා
නේක සැඩ රැලි සුලං හමුවෙත්
එළිය දී හඳ ළඟම දිලුනා

වැඩිමනක් කයිවාරු නැතුවට
ජීවිතේ දුක දෙකට බෙදුනා
නොකියාම බැස යද්දි ඒ හඳ
මට මහා තනිකමක් දැනුනා