බැඳෙමි ඔබ වෙත
සීතලට තනිකම දැනෙද්දී මුවින් සුසුමන් පිටවුනා
රැය උදාවී පාළු යහනෙදි අනේ මට ඔබ සිහිවුනා
කදෝපැණියකු රුවක් අභියස දුක කියා මා වැළපුනා
ඔබේ ළයමත හිස හොවන්නට අදත් මට පිං මදිවුනා..
වැටෙන හැම හුස්මක්ම ගානෙත් මතක් වෙන්නෙම ඔබේ වගමයි
ඇහෙන හැම හඬකටම වැඩියෙන් පතන්නෙත් මම ඔබේ හඬමයි
දකින හැම රූපෙකම හෙව්වෙත් මා සිතේ ඇඳි ඔබේ රුවමයි
පැතුව හැම පැතුමකම තිබුනෙත් මා ඔබේමයි ඔබ මගේමයි....
විවර කෙරුවෙමි ප්‍රේමයට මම හදේ දොරගුළු ඔබේ නාමෙන්
දිනෙන් දින දළුලාවි තව තව සකි සඳේ ඒ කිමද නාසන්
බැඳෙමි ඔබ වෙත වෙළෙමි ඔබ ළඟ සියදහස්වර මා සිතින්
මමම නොදනිමි නිරුත්තර වෙමි ඒ මගේ ප්‍රේමය ඉතින්..
සතුට සැනසුම ගෙනෙයි ඔබ මට දකින ස්වප්නෙක දී පවා
හිතට දුක්බර මොහොත දුරලයි ඔබෙන් ලද සිපුමක් පවා
රැයේ සුවබර නින්ද ගෙනදෙයි ඇසිල්ලක ඇමතුම පවා
ගෙනෙයි දහිරිය ඔබ මගේ ළඟ හිඳියි යන හැඟුමක් පවා..