ලතැවුලෙන්
පිරීගිය
සිතක වේදනා බර
කඳුළු කැටයක්
තිබේ
රත් කොපුල්තල
දිගේ
ගලා යන්නට
නොදී
රහසේම
සඟවගෙන...
කියා ගන්නට
බැරිව
සිර කරන් මම
මටම
මගෙ සිහින මා
තුළම
වැළපේය නිහඬවම
ඔබේ පා ළඟටවී
මටම මා අහිමි
වී...
මට ඔබේ සුසුම්
පොඳ
විඳින්නට ඉඩ
දෙන්න
මට ඔබේ දෑස්
තුළ
ගිළෙන්නට ඉඩ
දෙන්න
මට ඔබේ හද
ගැස්ම
ගනින්නට ඉඩ
දෙන්න
මේ දුරස්බව
වැඩියි
පෙර ලෙසින් ළඟ
ඉන්න....
හ්ම්ම්...අනේ මන්දා.... මේ දවස් වල හැම තැනම විරහව.... කොයි හැටි වුනත් ලස්සන පද පෙළක්....
ReplyDeleteකවියට නගන්න පුලුවන් නම් විරහවේ වේදනාව ගොඩාක් අඩු වෙනවා.මට හිතෙන්නෙ විරහව කවියට ගොඩක් සමීපයි කියලා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete