සිපිරිගෙය විය කලෙක හදවත ආදරේ සිතුවිල්ල නාමෙන්....
කඳුළු සුසුමන් කලෙමි සිරගත ලොවෙ වසන් විය මම මගෙන්....
දිනක් එළඹෙන තුරා ගැන ගැන අතේ දෑඟිලි හෙමි හෙමින්....
නිදහසේ අරුණැල්ල සෙවුවෙමි හදවතේ ගැස්මට හොරෙන්....
තාරුකා එළි එපා කීව්වේ හිරුට පෙම්කල නිසාවෙන්....
බැසගියත් යළි නැගෙයි සිතුවේ අතැර ගියෙ ඔබ නිසාවෙන්....
යළි නැගුන විට අපේ ලෝකය ඔබෙ ඒ ආගමනයෙන්....
කඳුළු කම්මුල් දිගේ ගොස් පිටමංවුනා ඔබෙ උරමතින්....
අවැසි විය මට වන්න ඔබ ළඟ ඉතා බැතිබර යශෝදාවක්....
පතිනිවත නැත විමසුවේ මම පිළිගතිමි නොදුනෙමි දුකක්....
හිමියනේ අමතකද අද එය මග හරින්නේ යළි වරක්...
නොදැනුනේ මා වරද මගෙමද දෙවියනේ මෙය පෙර පවක්...
ඇරඹුමේදී සොයා බැලු හැටි මතක් වෙයි සිතපාරවා...
රැයක් ගානේ මිමිණු පෙම්බස් සිහිනෙනුත් මට ඇහෙනවා...
පුදසුනේ තැබු ප්‍රථම ප්‍රේමය බොඳ වේද බයහිතෙනවා....
වර්ණ නැතිවුව අපේ ලෝකය හිමියනේ මට වටිනවා....


