කලක් තිස්සේ පැතූ හීනය අද සැබෑ ලෝකය වෙලා
විලක් මත්තෙහි සියපතක් සේ මෑත මතකය ලියවිලා
පලක් නැති මුත් හෙළා සුසුමන් මෙසේ ළතැවී මගබලා
මලක් විමසයි හිතේ ශෝකෙන් කිමද සඳ තව නොනැගිලා...
රැයක් එළිවෙන තුරා පෙරදා මිමිණු පෙම්බස් දියවෙලා
මේඝයක් වී කඩා වැටුනා පෙති පවා පොඩි වී ගියා
නිමක් නැතිවූ අකුණු සැර සඳ රැස් දිගේ පුපුරා ගියා
පෙමක් වෙනුවෙන් තවත් ලතැවෙයි සරා සඳ වඩිතැයි කියා..
හ්ම්ම්...ලස්සනයි.....
ReplyDeleteස්තූතියි යාළු....
Delete