Sunday, December 23, 2012
ඔබ යන්න මා තනි වුනාවේ
මුවට සිනහව එක් කළෙත් ඔබ
දෙවිඳු පිටුපෑවදෝ....
දෙවිඳු පිටුපෑවදෝ....
.jpg)
රූසිරු ඔද වැඩී අබරණ දරාගෙන
ඈ වැඩහිඳිනවා පියුමාසනය මත
මොනරිඳු පියාපත් විදාගෙන පිටුපසින්
දෑත වීණාව ගෙන තවත් දෙ අතක් හිමිය
හසරදෙකු ඉදිරිපස පිහිනමින් විලෙහි ඇත
දෙවොල පිරිවරා මහ සෙනඟ වැඳ වැටී ඇත
සුවඳ දුම් ගසද්දී පලතුරු වට්ටියට
ශිෂ්‍යයෝ යදිනවා විභාගය ගොඩයන්න

ඇගෙ නුවණ දිය නොහැක ඉල්ලන හැමෝටම
සමව සලකමීන් හැම ඇය අහක බලාගෙන
සමහරු ලොකු පඬුරු පුදද්දිත් බැතිබරව
අචලයි සරස්වතිය විමානෙට වැඩියාද
පඬුර එකසිය එකයි වරක් කන්නලව්වට
සියය කපු මහතාට රුපියලක් දෙවියන්ට
ගාන මදි වුනාදෝ සෙනඟෙ මග හැරුනදෝ
විභාගය අසමත්ය දෙවිඳු කළකිරුණදෝ
Friday, November 30, 2012
දුර වැඩියි...
ලතැවුලෙන්
පිරීගිය
සිතක වේදනා බර
කඳුළු කැටයක්
තිබේ
රත් කොපුල්තල
දිගේ
ගලා යන්නට
නොදී
රහසේම
සඟවගෙන...
කියා ගන්නට
බැරිව
සිර කරන් මම
මටම
මගෙ සිහින මා
තුළම
වැළපේය නිහඬවම
ඔබේ පා ළඟටවී
මටම මා අහිමි
වී...
මට ඔබේ සුසුම්
පොඳ
විඳින්නට ඉඩ
දෙන්න
මට ඔබේ දෑස්
තුළ
ගිළෙන්නට ඉඩ
දෙන්න
මට ඔබේ හද
ගැස්ම
ගනින්නට ඉඩ
දෙන්න
මේ දුරස්බව
වැඩියි
පෙර ලෙසින් ළඟ
ඉන්න....
Thursday, November 29, 2012
( නො )පැතූ.....
බලා සිටියෙමි බොහෝ කල් හිද
මටම හිමි වූ ලෝකයක් ගැන
පැතුම් පොදි ඒ ලොවේදී පැතු
මිහිරි සීහිනෙක වියැකිලා යන...!
කියන්නට වුව අසන්නට වුව
මගේ හිමිකම් මටම නැති වුන
හෙළන හුස්මට පවා දැනුනා
පැතූ ලෝකයෙ නොපැතු තනිකම...!
පාලුයි මගෙ පුංචි හිතට...!
එදා මෙන් ඔබෙ තුරුල්ලට වී
අවැසි වන්නේ කෙළෙස අද මට
හෙළන්නට උණු කඳුළු කැටිතී....
සොයාගෙන දිව එන්න හැකිවුව
ඔබෙ දයාබර දෑත් අතරට
කියාගන්නට බැරි දුකක් ඇත
හදේ සිරකොට කියනු නොහැකිව....
එහෙත් ඔබ ළඟ රැඳෙන මොහොතක
අපරිමිත රැකවරණයක් ඇත
එවන් දාරක ස්නේහයක් ළඟ
අම්මෙ සුර සැප මට වැඩක් නැත....
Subscribe to:
Comments (Atom)
.jpg)

.jpg)


